මන්නාරම, පේසාලෙයි ප්‍රදේශයේ පිහිටි කතෝලික දේවස්ථානයකට පැමිණ සැක කටයුතු ලෙස හැසුරුණු පුද්ගලයා අද (06) දිනයේදී යාපනය, ශාන්ත අන්තෝනි දේවස්ථාන භූමියේ සැක කටයුතු ලෙස හැසිරෙමින් සිටියදී යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසූවේ මන්නාම, වංකාලෙයි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.
මන්නාරම,පේසාලෙයි මාතා දේවස්ථානයට පැමිණි පුද්ගලයෙකු බැගයක් පිටේ එල්ලාගෙන සැක කටයුතු ලෙස හැසිරීම හේතුවෙන් උතුරු පළාතේ ආගමික ස්ථාන වෙත විශේෂ ආරක්ෂාවක් ඊයේ (05) හා අද (06) දිනයේ යොදවා තිබුණා.
සැකකරු පේසාලෙයි දේවස්ථානය වෙත පැමිණ සිදුකළ ක්‍රියාවන් සම්බන්ධයෙන් වන CCTV දර්ශන අනුව සැකකරු සම්බන්ධයෙන් වන තොරතුරු උතුරේ සියළු ආරක්ෂක අංශ වෙත ලබාදි තිබු බව උතුරු පළාත් පොලිස් නිළධාරීන් සඳහන් කරන්නේ.
සැකකරුගේ අසාමාන්‍ය හැසිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ යාපනය පොලිස් නිළධාරීන් සැක කටයුතු පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ පවත්වමින් සිටින බවද පොලිසිය සඳහන් කර සිටිනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ