වයස අවුරුදු 60 ට වැඩි අයට එන්නත්කරණය අඟහරුවාදා සිට

කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා නොගත් බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වැඩි හා බරපතල රෝගාබාධ ඇති ජනතාවට ලබන අඟහරුවාදා (10) දින සිට දින තුනක් තුළ එන්නත්කරණය සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව ඒ සඳහා ලියාපදිංචි වීමට 1906 ට කතා කර ඔබගේ නම ලබා දෙන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com