ඩෙල්ටා වයිරස ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග ඇමරිකාවේ දෛනික ආසාදිතයන්ගේ සාමාන්‍ය අගය ලක්ෂය දක්වා ඉහළ ගොස් ඇත.
පසුගිය ශීත සෘතුවෙන් පසු ඇමරිකාව තුළ මෙවැනි තත්ත්වයක් වර්ධනය වෙමින් ඇත්තේ පළමු වතාවටයි. පසුගිය ජුනි මාසයේ දෛනික ආසාදිතයන්ගේ සාමාන්‍යය 11,000ක් දක්වා පහත වැටී තිබිණි. නමුත් මේ වනවිට එය 107, 143ක් දක්වා ඉහළ ගොස් ඇත.
එරට විශේෂඥ වයිරසවේදියකු මෙන්ම ජනාධිපති බයිඩ්න්ගේ ප්‍රධාන උපදේශකවරයකුද වන ඇන්තනි ෆවුචි පසුගිය දා පවසා තිබුණේ නුදුරේදීම මෙම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ දෙකක් වැනි අගයක් ගනු ඇති බවයි.
මේ වනවිට වයිරසයේ වැඩි ව්‍යාප්තියක් පවතින්නේ එන්නත්කරණය අතින් පසුපසින් සිටින ප්රාන්තවලය. ෆ්ලොරිඩා, ටෙක්සාස් වැනි ප්‍රාන්තවල වඩාත් නරක තත්ත්වයක් පෙන්නුම් කරයි.
ඇමරිකාවේ වැඩිහිටි ජනගහණයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති සංඛ්‍යාව සියයට 70.6කි. සියයට 60.9ක් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බව සඳහන් වේ. නමුත් තවමත් මිලියන ගණනක ජනතාවක් එකදු මාත්‍රාවක් හෝ ලබාගෙන නොමැති අතර මෙය සෞඛ්‍ය බලධාරීන් තුළ විශාල කනස්සල්ලක් ඇති කර තිබේ.
එන්නත් ලබා ගැනීමට පැමිණෙන පිරිසෙහි විශාල අඩුවීමක් පසුගිය දිනවල දැකගන්නට ලැබිණි. එන්නත සම්බන්ධයෙන් පැතිරෙන විවිධ මතද මෙම තත්ත්වයට බලපා තිබේ. වයිරසය ආසාදිතව රෝහල් ගත කරන සහ මිය යන අයගේ සංඛ්‍යාවද ඉහළ යමින් ඇති බැව් වාර්තා වේ. නමුත් එන්නත් ලබාගෙන ඇති ආසාදිතයන් අතරින් රෝහල් ගත කිරීමට සිදුවන සහ මරණයට පත්වන අයගේ සංඛ්‍යාව අඩු අගයක් ගනියි.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්