පුද්ගලයින් දෙන්නෙක් ත්‍රීරෝද රථයක් මංකොල්ල කාලා.
රාත්‍රී කාලයේ දී මගීන් රැගෙන යෑමේ දී ත්‍රීරෝද රථ රියදුරන්ට විමසිලිමත්ව කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ත්‍රීරෝද රථයට මගීන් ලෙස ගොඩවන පුද්ගලයින් අපරාධකරුවන් විය හැකි බව පොලිසිය පවසයි.
අනුරාධපුර ප්‍රදේශයේ ඊයේ(08) රාත්‍රියේ ත්‍රීරෝද රථයකට ගොඩ වී ඇති පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම රථය මංකොල්ල කා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
යම් ස්ථානයකට රැගෙන යන ලෙස ත්‍රීරෝද රථ රියදුරුට පවසා එම ස්ථානයට යන අතරමඟ දී මෙලෙස ත්‍රීරෝද රථය මංකොල්ලකා තිබෙන අතර පැහැරගත් එම ත්‍රීරෝද රථය සමඟ එක් පුද්ගලයෙක් විමර්ශන සිදුකළ අනුරාධපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නිට්ටඹුව, රුක්ගහවිල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස අත් අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට මේ වන විට විමර්ශන සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
More Stories
මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වන දිනය පිළිබඳ දැනුම්දීමක්
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි