ශ්‍රී ලංකාවේ වෙසෙන රුසියානු ජාතික කාන්තාවක් හිංසනයට ලක්වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ, සැකකරුවන් අතර සිද්ධියේ ප්‍රධාන සැකකරු ද වන බවය.
අද රාත්‍රීයේ කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් බව දැනට සිදු කළ විමර්ශනවලදී අනාවරණ වූ බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ ය.
සිය මිතුරන් තිදෙනෙකු සමග ගාලුමුව දොර පිටියේ ගමන් කරමින් සිටියදී 10 දෙනෙකුගෙන් පමණ සමන්විත තරුණයින් පිරිසකගෙන් තමන්ට එම හිරිහැරය සිදුවූ බවයි එම විදේශීය කාන්තාව සඳහන් කළේ.
අධික ලෙස මත්පැන් පානය කොට සිටි එක් තරුණයෙකු තමන්ට අසභ්‍ය වචනයෙන් බැන වැදුනු බවත් ඊට මැදිහත් වීමට උත්සහ කළ සිය මිතුරෙක්ටද ඔවුන් පහරදුන් බවයි එම කාන්තාව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
තමන් එම සිදුවීම රූගත කරන බව දැන ගැනීමෙන් අනතුරුව ඔවුන් තමන් අත්හැර පළා ගිය බවද එම විදේශීය ජාතික කාන්තාව සඳහන් කර සිටිනවා.
එම සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට දැනුවත් කලද ඔවුන් එම ස්ථානයට ලඟා වන විට මිනිත්තු 20ක පමණ කාලයක් ගතවූ බවයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
එම සිදුවීමට සම්බන්ධ පුද්ගලයා ගේ ජායාරුපය ද සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කරමින් ඔහුව හඳුනා ගැනීමට තමන් මහජන සහය පතන බවත් ඇය එහි සටහන් කොට තිබෙනවා.
මෙලෙස හිරිහැරයට ලක්ව ඇත්තේ රුසියානු ජාතික කාන්තාවක් බවයි වාර්තා වන්නේ.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ