සති අටකට පසු ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් සහ මරණ අඩුවක් පෙන්නුම් කළ බැවින්, ලොක්ඩවුන් තහංචි පියවරෙන් පියවර ලිහිල් කිරීමට ආජන්ටිනා රජය තීරණය කර තිබේ. ආජන්ටිනා රජයට මෙසේ තීරණය කළේ සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් ද සැලකිල්ලට ගනිමිනි.
ආජන්ටිනාව යනු ලතින් ඇමෙරිකා කලාපයේ ‘කොවිඩ් 19’ වයිරස වසංගතයෙන් ඉතාමත් දරුණු ලෙස බැට කෑ රාජ්‍යයයකි. ආජන්ටිනාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන මිලියන 5 ඉක්මවයි. එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 107,000 කි. ආජන්ටිනාවේ ජනගහනය මිලියන 45 කි.
‘එන්නත්කරණ කටයුතු දිගටම සාර්ථකව සිදුවෙනවා. එන්නත් ලබා ගත්තත් සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින් ජීවත් වෙන්න ඕනෑ. ජනතාවට ඇති වගකීම එයයි. ඒ වගකීම තේරුම් ගනිමින් ජනතාව කටයුතු කරනු ඇතැයි මා විශ්වාස කරනවා. පනවා තිබුණු ලොක්ඩවුන් තහංචි ලිහිල් කිරීමක් සිදුවෙන්නේ ඒ අනුවයි’ යැයි ආජන්ටිනා ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩේස් ජාතික රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් පවසා තිබේ.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්