ක්‍රිකට් ඔලිම්පික් තරගාවලියට

2028 වසරේ දී ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියට ක්‍රිකට් ක්‍රීඩාව එක් කිරීමට සූදානම් වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසනවා.

ඊට අදාල කටයුතු සඳහා මේ වනවිටත් විශේෂ කමිටුවක් නම්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් අදහස් පළකරන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ එය ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට හේතුවනු ඇති බවයි.

මීට පෙර ඔලිම්පික් තරගාවලියක ක්‍රිකට් තරගයක් පවත්වා ඇත්තේ 1900 වසරේ ප්‍රංශයේ පැරිස් නුවර කේන්ද්‍ර කරගනිමින් පැවති ඔලිම්පික් උළෙලේදීයි.

එහිදී සත්කාරක ප්‍රංශය සහ මහා බ්‍රිතාන්‍ය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් පමණක් ක්‍රිකට් තරගයට එක්වූවා.

මේ සඳහා අවසර හිමිවුවහොත් වසර 128කට පසුවයි ඔලිම්පික් තරගාවලියකට ක්‍රිකට් ක්‍රීඩාව එක්වන්නේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com