එබෝලා වෛරසයට සමාන ‘මාබර්ග්‘ නමැති වෛරස් රෝගයක් අප්‍රිකානු ගිනියා රාජ්‍යයෙන් වාර්තා වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ඒ අනුව වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වීමේ ප්‍රතිශතය සියයට 88ක පමණ ඉහළ අගයක් ගන්නා බව සදහන්.
මාබර්ග් කොරෝනා වෛරසය මෙන් සත්ත්වයන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන වෛරසයක් ලෙසයි සැලකෙන්නේ.
පසුගිය අගෝස්තු 2 වනදා රෝගාතුරව මියගිය ගිනියා ජාතිකයින්ගේ සාම්පලවලින් මෙම වෛරසය හමු වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළා.
එහි පැතිරීම වැළැක්වීම සඳහා පියවර ගත යුතු බව යි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු කලාපීය අධ්‍යක්ෂ මට්ෂිඩිසෝ මොයෙටි ප්‍රකාශ කළේ.
මෙම නව වෛරසය මතු ව ඇත්තේ යළිත් වරක් මතු වූ එබෝලා වෛරසයෙන් ගිනියා රාජ්‍යය නිදහස් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර මාස දෙකකින් අනතුරුවයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ