ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම නගරය වන මෙල්බන් නුවර ලොක්ඩවුන් කාලසීමාව ලබන 19 වන දින දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ අවදානම හේතුවෙන් මෙල්බන් නුවර පසුගිය බ්‍රහස්පතින්දා සිට වසාදැමුණූ අතර කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් අනතුරුව එම නගරය සඳහා සංචරණ සීමා පැනවූ 06 වන අවස්ථාව මෙය වේ.
ගත වූ දිනය තුළ ද මෙල්බන් නුවර අයත් වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඩෙල්ටා ආසාදිතයින් 20 දෙනෙකු හඳුනාගෙන තිබුණි.
ඉන් වැඩි පිරිසකට වෛරසය ආසාදනය වූ ආකාරය මෙතෙක් හඳුනාගැනිමට නොහැකි වී ඇති බව වාර්තා වේ.
More Stories
චීන-ඇමරිකා උසස් මට්ටමේ ආර්ථික හා වෙළඳ සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රසාදය
CELAC සංසදය වැදගත් සහයෝගිතා වේදිකාවක් බව චීනය පවසයි
චීනය හා ලතින් ඇමරිකාව එක්ව ඉදිරියට ගමන් කරන පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් බවට පත්ව ඇතැයි චීන ජනපති කියයි