ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ගුරුවරුන් ඇතුළු පාසල් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම අනිවාර්ය යැයි කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සොම් පවසයි. ඒ අනුව, ඇමෙරිකාවේ ප්‍රාන්තයක ගුරුවරුන් සඳහා එන්නත් අනිවාර්ය කළ පළමු අවස්ථාව වන්නේ මෙයයි.
‘කොවිඩ් 19 නිසා දරුවන්ගේ අධ්‍යාපනයට බාධා එල්ල වෙන්න දෙන්න බැහැ. වයිරසයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමට ද ප්‍රමුඛත්වය දෙන්න ඕනෑ. ඒ නිසා ගුරුවරුන් ඇතුළු පාසල් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකායන් එන්නත ලබා ගැනීම අනිවාර්යයි. නැතිනම් දිනපතා පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු වෙන්න සිදුවේවි.’ යැයි කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සොම් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්