වසංගත ව්‍යාප්තිය තුළ ජපානයේ වැඩිම දෛනික ආසාදිතයන් පිරිස ඊයේ (12) වාර්තාවී තිබේ.එය 17,196 කි.
ඉන් වැඩිම ආසාදිතයන් පිරිසක් හඳුනාගෙන ඇත්තේ ටෝකියෝ අගනුවර ආශ්‍රිතවය.
එම ආසාදිතයින් සංඛ්‍යාව 4,989ක් වන අතර ඔසාකා, ශිසුඕකා, කගෝෂිමා ඇතුළු ප්‍රදේශ රැසකත් වෛරස ආසාදනය වූ පුද්ගලයින් ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.
මේ අතර චීනයේ ජියැන්ග්සු පළාතේ යැන්ෂු නගරයේ තවත් ප්‍රදේශ 4ක් අධි අවදානම් කලාප ලැයිස්තුවට ඇතුළත්කර ඇත.
චීනයෙන් ඊයේ දිනය තුළදී නව ආසාදිතයන් 81 දෙනෙක් හඳුනාගත් අතර ඉන් 20 දෙනෙකුම විදේශගතව සිට එරටට පැමිණීමේදී ආසාදිතයන් බවට හඳුනාගත් අය වෙයි.
ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇති දකුණු කොරියාවෙන් දිනකට 2,000ක් පමණ ආසාදිතයන් පිරිසක් වාර්තා වෙමින් තිබේ.
කෙසේවෙතත් එරට දෛනික මරණ තවමත් පවතින්නේ 10ට අඩු අගයකය.
පවතින වාතාවරණය තුළ එරට රෝහල් කොවිඩ් පරීක්ෂණ සිදුකිරීම සඳහා සාම්පල ලබාගැනීමේදී ස්පර්ශ කිරීමෙන් තොරව එය සිදුකිරීමට ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටී.
ගෝලීය කොවිඩ් වෛරස ආසාදිතයන් සංඛ්‍යාව අද 20 කෝටි 61 ලක්ෂය ඉක්මවා ගියේය.වසංගතයෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 43 ලක්ෂ 46 දහසකට අධිකය.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්