වැලිකඩ 600 දෙනෙකුගේ ජෛව සාම්පල පරීක්ෂාවට

කන්දකාඩු පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටින 474 දෙනෙකු සහ එහි කාර්ය මණ්ඩලයේ 126 දෙනෙකුගේ ජෛව සාම්පල ලබාගැනීමට පියවර ගෙන තිබෙනවා.


එහි පුනරුත්තාපන කොමසාරිස් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ, වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවෙකු කොවිඞ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග එම පියවර ගත් බවයි.


කන්දකාඩු පිහිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයට ඉකුත් මාර්තු 20 වැනිදා යොමු කළ රැඳවූවෙකු නඩු කටයුත්තක් සඳහා පසුගිය ජුනි 26 වනදා පොළොන්නරුව බන්ධනාගාරය වෙත භාර දී තිබුණා.


අනතුරුව ඔහු ජුනි 27 වනදා වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර තිබූ අතර ඔහු සම්බන්ධයෙන් සිදුකළ පී.පී.ආර්. පරීක්ෂාවේ දී කොවිඞ් 19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළා.


ඒ අනුව අදාළ ආසාදිතයාව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගනු ලැබුවා.


වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් සඳහා අමුත්තන් පෙන්වීමද ඊයේ සිට දින නියමයක් නොමැතිව තාවකාලිකව නැවැත්වීමට බන්ධාගාර දෙපාර්තමේන්තුව තීරණය කළා.


ආසාදිතයාගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණ හා නිරෝධායන කටයුතු අද ආරම්භ කළ අතර රැඳවූවන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ද එම පිරිසට අතරට අයත් වනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com