අමෙරිකාවේ රෝහල් පද්ධතියට දරාගත නොහැකි මට්ටමින් කොවිඩ් ආසාදිතයින් රෝහල්ගතවීම හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් පැනනැගී තිබේ.
ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීමත් සමග එරට ළමයින් රෝගීවීමේ ප්‍රවණතාව ඉහළගොස් ඇති බව වාර්තා වේ.
මේ වනවිට ළමුන් 1,900 කට වැඩි සංඛ්‍යාවක් රෝහල්ගත කර ඇති අතර එය රෝහල්ගතව ප්‍රතිකාර ලබන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාවෙන් 2.4% කි.
ඩෙල්ටා ප්‍රභේදය හමුවේ අමෙරිකාව තුළ නැවතත් වසංගතයේ දරුණු බව දිනෙන්දින වැඩිවෙමින් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
චීනයට පෙර කොවිඩ් වෛරසය අමෙරිකාවේ තිබූ බවට ද මේ වනවිට තවත් කරුණු රැසක් අනාවරණයවෙමින් පවතී.
අමෙරිකාවේ පළමු කොවිඩ් ආසාදිතයා 2020 වසරේ ජනවාරි 21 වැනිදා සියැටල් ප්‍රාන්තයෙන් වාර්තා වී තිබුණි.
කෙසේවෙතත් ඊට බොහෝ කලකට පෙර සිටම කොවිඩ් හා සම්බන්ධ රෝග ලක්ෂණවලින් පෙළුණු බවට ඇතැම් අමෙරිකානුවන් සමාජ මාධ්‍ය ඔස්සේ පළකළ අදහස් මේ වනවිට ඉවත්කර ඇති බව හෙළිවී තිබේ.
ඒ 2019 වසරේ අග භාගයේ චීනයේ වූහාන් නගරයෙන් කොවිඩ් ව්‍යාප්තිය ආරම්භවීමට පෙර අමෙරිකාව තුළ වෛරසය තිබූ බවට වන සැකය තවත් ඉහළ නංවමින්ය.
මේ අතර කොවිඩ් පාලන සීමාවලට විරෝධය පළකරමින් අඛණ්ඩව පස්වැනි සති අන්තයටත් ප්‍රංශය පුරා විරෝධතා පාගමන් පැවැත්වුණි.
කොවිඩ් සමග රටේ දෛනික කටයුතු පවත්වාගෙන යෑමේදී සෞඛ්‍ය අවසරපතක් ළඟ තබාගැනීම ඇතුළු නීතිරීතිවලට ඔවුන් මෙහිදී දැඩි විරෝධයක් දක්වයි.
මේ අතර කොවිඩ් මර්දන එන්නත්කරණයට විරෝධය දක්වමින් සෞඛ්‍ය සේවකයින් ද විරෝධතාවලට එක්වී ඇත.
එන්නතෙහි සාර්ථකත්වය ඔවුන් මෙහිදී ප්‍රශ්න කරන අතර ප්‍රතිකාර හා සමාජ දුරස්ථභාවය තුළින් වෛරසයට වඩා හොඳින් ප්‍රතිකාර කළ හැකි බව අවධාරණය කරයි.
එන්නතේ අතුරු ආබාධ සම්බන්ධයෙන් ප්‍රමාණවත් අධ්‍යනයන් නොමැතිවීම පිළිබඳවත් ඔවුන් කනස්සල්ල පළකර තිබේ.
ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද 20 කෝටි 75 ලක්ෂය ඉක්මවා ගියේය.
වසංගතයෙන් ලොව පුරා සිදුවූ මුළු මරණ ගණන 43 ලක්ෂ 67 දහසකට අධිකය.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්