අත්‍යාවශ්‍ය සේවා සඳහා කැඳවන සේවකයින් ප්‍රවාහනය කිරීමට ආයතනික වශයෙන් බස් රථ ඉල්ලුම් කළහොත් ඒ සඳහා අවසර ලබා දෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.
ඒ අනුව එම බස් රථවල ගමන් කළ හැක්කේ ඉල්ලුම් කරන ආයතනයේ සේවකයින්ට පමණක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. කෙසේ නමුත් අදාළ බස් රථ ඉල්ලුම් කළද ඒවායේ ඇත්තටම ගමන් ගන්නේ අත්‍යවශ්‍ය සේවකයින්ද යන්න සම්බන්ධයෙන් සොයා බලන බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
ආයතන ප්‍රධානීන් පිට පළාත්වලින් සේවකයින් කැඳවිය යුත්තේ ඔවුන් අත්‍යවශ්‍යම නම් පමණක් බවද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වැඩිදුරටත් සඳහන් කළා.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ