සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් ක්රිකට් තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (15) සමත්විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු ක්රීඩකයින් දැවී ලකුණු 217ක් ලබාගත් අතර ඊට පිළිතුරු වශයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 253ක් ලබාගත්තේය.
පාකිස්ථාන කණ්ඩායම දෙවන ඉනිම සඳහා සියලු ක්රීඩකයින් දැවී ලකුණු 203ක් ලබාගැනීමට සමත්විය.
ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 168ක ජයග්රාහී ඉලක්කයක් හිමිවු අතර කඩුලු 09ක් දැවී ඔවුන් සිය ජයග්රාහී ඉලක්කය පසු කළේය.
More Stories
ශ්රී ලංකා ක්රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි