විදේශ ඇමතිගෙන් සැලසුමක්
ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව විදේශ ආමාත්‍යංශය පවසයි.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වාදෙන්නේ කාබුල්හි පිහිටි ශ්‍රී ලංකා තනාපති කාර්යාලය හරහා එම කටයුතු සැලසුම් කරමින් සිටින බවය.
මේ වනවිට ශ්‍රී ලාංකිකයින් 50 දෙනෙකු පමණ ඇෆ්ගනිස්ථානයේ සිටින බවට තොරතුරු ලැබී ඇති අතර ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා පහසුකම් සැලසීමට සුදානම් බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
තලිබාන් කැරලිකරුවන් කාබුල් නුවරට ඇතුළුවීමත් සමග ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෝෆ් ගානී රටෙන් පිටවගොස් තිබුණි.
ජනාධිපතිවරයා එලෙස තජිකිස්ථානයට පිටවගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
More Stories
තර්ජනය කිරීම චීනය සමග කටයුතු කිරීමේ නිසි ක්‍රමය නොවන බව චීනය පවසයි
සමබර සංවර්ධන ආකෘතියක් වෙනුවෙන් ජනපති ෂී ජින් පිං ඉදිරිපත් කළ කලාපීය සම්බන්ධීකරණ සංවර්ධන උපාය මාර්ගයෙන් සාර්ථක ප්‍රතිඵල
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය