ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නාගරික කලාපවලට පනවා ඇති ලොක්ඩවුන් තත්වය තවත් සති දෙකකින් දීර්ඝ කිරීමට ප්‍රාන්ත පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා. ලබන බ්‍රහස්පතින්දා පස්වරු 08 ට ලොක්ඩවුන් තත්වය අවසන්වීමට නියමිතව තිබූ නමුත්, පවතින අවදානම සලකා එය සැප්තැම්බර් 02 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.
මේ අතර වික්ටෝරියා ප්‍රාන්ත අගනුවර වන මෙල්බර්න් නගරයට රාත්‍රී කාලයේදී ඇඳිරිනීතිය පැනවීමටද තීරණය කර තිබෙනවා. අද සිට දිනපතා රාත්‍රී 09 සිට අළුයම 05 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇත.
ඊයේ දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාදිතයන් 22 ක් හමු වී තිබෙනවා. මෙම තත්වය මත සීමා ලිහිල් කළ නොහැකි බවයි ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩැනියෙල් ඇන්ඩෲස් පවසා තිබෙන්නේ.
More Stories
තර්ජනය කිරීම චීනය සමග කටයුතු කිරීමේ නිසි ක්‍රමය නොවන බව චීනය පවසයි
සමබර සංවර්ධන ආකෘතියක් වෙනුවෙන් ජනපති ෂී ජින් පිං ඉදිරිපත් කළ කලාපීය සම්බන්ධීකරණ සංවර්ධන උපාය මාර්ගයෙන් සාර්ථක ප්‍රතිඵල
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය