ඇෆ්ගන් ජනතාව නිදහස වෙනුවෙන් කෙතරම් අවදානමක් ගන්නේද යන්න පැහැදිලි කරන ඡායාරූපයක් මේ වනවිට අන්තර්ජාලය පුරා සැරිසරමින් තිබෙනවා. අදාල ඡායාරූපයේ දැක්වෙන්නේ ඇෆ්ගන් ජාතිකයන් විශාල පිරිසක් එක පොදියට සිරවී ගුවන් යානයක ගමන් කරමින් සිටින ආකාරයයි.
තලේබාන් සංවිධානය විසින් යළිත් ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කර ගැනීමත් සමග දහස් ගණන් ජනතාව රටින් පිටවීම සඳහා කාබුල් ගුවන් තොටුපල වෙත පැමිණි අතර මේ නිසා බරපතල ගැටලුවකට මුහුණ දුන්නේ ඇමරිකානු හමුදා සාමාජිකයන් ඉවත් කර ගැනීම සඳහා ඇෆ්ගනිස්ථානය වෙත පැමිණි ඇමරිකානු ගුවන් යානාවල කාර්ය මණ්ඩලයයි.
ඇෆ්ගන් ජාතිකයන් බලහත්කාරී ලෙස එම ගුවන් යානාවලට ඇතුළුවීමට උත්සාහ දැරූ අතර තත්වය පාලනය කිරීම සඳහා අහසට වෙඩි තැබීමටද ඇමරිකානු හමුදා සාමාජිකයන්ට සිදුවිය.
ඇමරිකාවට අයත් සී-17 ග්ලොබ්මාස්ටර් III නමැති ගුවන් යානයේ අර්ධ ලෙස විවෘතව තිබූ පසුපස දොරටුවෙන් ඇෆ්ගන් ජාතිකයන් විශාල පිරිසක් ගුවන් යානයට ඇතුළුවීමත් සමග පුද්ගලයන් 640 දෙනෙකු සමගින් එම ගුවන් යානයට පියාසර කිරීමට සිදුවිය. මෙය එවැනි ගුවන් යානයක් තුළ රැගෙන ගිය වැඩිම පිරිස ලෙසද වාර්තා අතරට එක් වේ.
මෙවැනි ගුවන් යානා කිහිපයක් මගින් ඇෆ්ගන් කාන්තාවන්, ළමයින්, තරුණයන් ඇතුළු විශාල පිරිසක් කාබුල් සිට කටාර් දක්වා ආරක්ෂිතව රැගෙන යාමට ඇමරිකානු ආරක්ෂක බළධාරීන් පියවර ගෙන තිබෙනවා.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්