එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් සහ ජාතික ලයිස්තු අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වන බව දන්වමින් හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන රෝහිත බෝගොල්ලාගම මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී තිබෙනවා.
ජූනි මස 25 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉල්ලා අස්වීම් පිළිගන්නා ලෙසයි ඔහු වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින්නේ.
පක්ෂ දේශපාලන සීමාවලින් ඉවත් වන බවත් ශ්‍රී ලංකාවට මුල්තැන යන ආදර්ශ පාඨය යටතේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම තම අභිලාෂය බවත් රෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් ජාතික පක්ෂ නායකයා වෙත කර ඇති දැනුම්දීමේ වැඩිදුරටත් දැක්වුණා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ