වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (18) දිනයේ පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
පෙරවරු 10.00 සිට රාත්‍රි 10.00 දක්වා අදාළ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.
වත්තල, හැදල, ඇළකන්ද, අල්විස් ටවුම, වැලිකඩමුල්ල, කෙරවලපිටිය, මාබෝල, හුණුපිටිය, වෙඩ්කන්ද, වේවැල්දූව, ප්‍රංශවත්ත, කිරිබත්ගොඩ නව පාර, පාදිලිය තුඩුව පාර, දළුපිටිය පාර සහ අක්බාර් පාලම යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.
ජල සැපයුම් පද්ධතියේ වැඩිදියුණු කිරිමේ කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්