හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ඇෆ්ගනිස්තානයට

එළැඹෙන සැප්තැම්බර් 01 වැනිදා ආරම්භ වීමට නියමිත පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙසින් ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන පත්කර ඇතැයි වාර්තා වේ.

ඇෆ්ගනිස්තානයේ නිල ක්‍රිකට් ආයතනය නිල සමාජ ජාලා පිටුවට අනුව මෙම පත්වීම තාවකාලික පත්වීමක් වන බවටද වාර්තා වේ.

44 හැවිරිදි අවිශ්ක ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 6කට සහ එක්දින තරග 61කට සිය දයාකත්වය ලබා දී තිබේ. අවිශ්ක මිට ඉහතදී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයද හෙබවූ අතර 2017 වකවානුවේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙසටද කටයුතු කර තිබේ.

අවිශ්කට අමතරව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් දකුණු අප්‍රිකාවේ ලාන්ස් ක්ලුසනර් කටයුතු කරන අතර පන්දු යවන්නන්ගේ පුහුණු කරු ලෙසින් ඕස්ට්‍රේලියාවේ හිටපු ක්‍රීඩක ෂෝන් ටේට් කටයුතු කරයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com