පසුගිය සති අන්තයේ ඇෆ්ගනිස්ථානයේ පූර්ණ බලය තලෙයිබාන් සංවිධානය විසින් අත්පත් කර ගැනීමෙන් පසුව මේ වන විට ඇමරිකානුවන් 15,000 ක් දෙනා ඇෆ්ගනිස්ථානයේ සිටින බව ඇමරිකාව ප්‍රකාශ කරයි.ඇමරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පැවසුවේ කාබුල් ගුවන් තොටුපොළ ට ආරක්ෂාව ලබාදීමෙන් ඔබ්බට ඔවුන් මුදා ගැනීම සඳහා තමන්ට හමුදා බලයක් නොමැති බවයි.
‘‘ඇමරිකානුවන් සහ අවදානමට ලක් වී සිටින ඇෆ්ගන් ජාතිකයන් ගුවන් තොටුපොළට ගෙන්වා ගැනීම සඳහා කාබුල් ගුවන් තොටුපොළ ආරක්ෂා කිරීමේ මෙහෙයුම හැරුණු විට අපට හමුදා බලඇණි හෝ ආයුධ බලය නැහැ..‘‘ යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.
ජෝ බයිඩන් විසින් ප්‍රකාශ කර තිබෙන, ඇමරිකාව සම්පූර්ණයෙන්ම ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමේ අවසන් දිනය වන විට සියලු ඇමරිකානුවන් මුදා ගැනීමට හැකි වේ ද යන ප්රශ්නය මේ අනුව ඉතිරි වේ.
‘‘කාබුල් නගරයෙන් පිටතට මෙහෙයුම් ව්‍යාප්ත කිරීමේ හැකියාවක් අපට නැහැ..‘‘ යැයි ද ආරක්ෂක ලේකම් ඔස්ටින් කියා තිබේ.
More Stories
තර්ජනය කිරීම චීනය සමග කටයුතු කිරීමේ නිසි ක්‍රමය නොවන බව චීනය පවසයි
සමබර සංවර්ධන ආකෘතියක් වෙනුවෙන් ජනපති ෂී ජින් පිං ඉදිරිපත් කළ කලාපීය සම්බන්ධීකරණ සංවර්ධන උපාය මාර්ගයෙන් සාර්ථක ප්‍රතිඵල
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය