2022 කාන්තා එක්දින ලෝක කුසලානයට සහභාගි වන අවසන් ස්ථාන තුන තීරණය කරන 2021 කාන්තා එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලිය මේ වසර අවසානයේදී සිම්බාබ්වේ හිදී පැවැත්වේ.
කණ්ඩායම් 10 කින් සමන්විත මෙම තරගාවලිය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 5 දක්වා හරාරේ හිදී පැවැත්වෙන බව අයිසීසී නිවේදනය කළේය. මෙම සුදුසුකම් ලැබීමේ තරඟ මුලින් පැවැත්වීමට නියමිතව තිබුනේ 2020 ජූලි මාසයේදී ශ්‍රී ලංකාව වන නමුත් කොවිඩ් -19 වසංගතය හේතුවෙන් තරගාවලිය ලංකාවෙදි මෙමෙ වසර අගදි පැවැත්විමට නියමිතව තිබුනා.නමුත් ලංකාවෙ පවතින කොවිඩ් -19 වසංගතය ප්‍රචලිතය හේතුවෙනුයි තරගාවලිය සිම්බාබ්වෙහිදි පැවැත්වෙන්නෙ.
2022 කාන්තා එක්දින ලෝක කුසලාන ස්ථාන තුන සඳහා තරඟ වදින කණ්ඩායම් දහයට පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව්, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ අයර්ලන්තය ඇතුළත් වන අතර 2019 දී අදාළ තරඟ ජයග්‍රහණය කළ කලාපීය සුදුසුකම් ලැබු කණ්ඩායම් 05 ද මෙයට ඇතුලත් වේ.ඊට අමතරව සත්කාරක සිම්බාබ්වේ, තායිලන්තය, පැපුවා නිව්ගිනියාව,නෙදර්ලන්තය,ඇමරිකා එක්සත් ජනපදය තරගාවලියට සහභාගිවේ.
2022 කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය 2022 මාර්තු – අප්‍රේල් මාස වල නවසීලන්තයෙදි පැවැත්විමට නියමිතයි.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි