වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා ආසාදිත රැඳවියකු හමුවීමත් සමඟම එම බන්ධනාගාරයේ 315 දෙනෙකු පී. සී.ආර් පරීක්ෂණ වලට ලක්කළ අතර ඉන් කිසිවකුටත් කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මෙම රැඳවියන් හා නිලධාරීන් පිරිස පී. සී. ආර් පරීක්ෂණ වලට යොමු කෙරුණේ කන්දකාඩුවේ සිට රැගෙන ආ රැඳවියකු පී. සී.ආර් පරීක්ෂණ තුනකට ඉදිරිපත් කිරීමෙන් පසුවය.
ඔහුට කොරෝනා ආසාදනය වී ඇත්තේ කෙසේදැයි යන්න මෙතෙක් හෙළි වී නොමැති අතර ඒ පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයිද වාර්තාවේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ