2021 අගෝස්තු 01 දින සිට බලපැවැත්වෙන පරිදි ජාතික ක්රීකට් කොන්ත්රාත් සඳහා ක්රීඩකයින් 18 දෙනෙකු අත්සන් තැබූ බව ශ්රී ලංකා ක්රිකට් නිවේදනය කරයි.
නව කොන්ත්රාත්තුව මාස 05 ක කාලයක් සඳහා වන අතර එය 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වේ. තාක්ෂණික උපදේශක කමිටුව සමඟ ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් සකස් කරන ලද කොන්ත්රාත් වලින් කිසිදු වෙනසකින් තොරව ක්රීඩකයින් ගිවිසුම් අත්සන් කර තිබේ.
ඒ ක්රිඩකයන් වන්නේ,
01) ධනංජය ද සිල්වා 02) කුසල් පෙරේරා
03) දිමුත් කරුණාරත්න 04) සුරංග ලක්මාල්
05) දසුන් ශානක 06) වනිඳු හසරංග
07) ලසිත් ඇඹුල්දෙණිය 08) පැතුම් නිශ්ශංක
09) ළහිරු තිරිමාන්න 10) දුෂ්මන්ත චමීර
11) දිනේෂ් චන්දිමාල් 12) ලක්ෂාන් සඳකැන්
13) විශ්ව ප්රනාන්දු 14) ඕෂද ප්රනාන්දු
15) රමේෂ් මෙන්ඩිස් 16) ළහිරු කුමාර
17) අශේන් බණ්ඩාර 18) අකිල ධනංජය
More Stories
ශ්රී ලංකා ක්රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි