ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 1,800 ඉක්මවා යාම දේශීය වෙළඳපොළේ මිල ගණන් ඉහළ යාමට හේතුව වී තිබෙනවා.
කොළඹ රන් මිල දර්ශකයට අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් ලක්ෂයක් ලෙසයි.
කැරට් 22 රන් පවුමක මිල රුපියල් 88,000 ක් ලෙස සටහන් වනවා.
කොරෝනා ව්‍යාප්තියෙන් ගෝලීය ආර්ථිකයට බලපෑම් එල්ල වන පසුබිමකදී ආයෝජකයින් රත්‍රං මිලදී ගැනීමට යොමුවීම, එලෙස මිල ඉහළ යාමට හේතුවී තිබෙන බවයි වෙළඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙන්නේ.
රත්‍රං සඳහා මෙවන් වාර්තාගත මිලක් සටහන් වූයේ 2011 වසරෙන් පසුව බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ඉකුත් මාස 14 තුල ලෝක වෙළඳපොළේ රත්‍රං මිල 40% ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව