රට ලොක්ඩවුන් කිරීම කොවිඩ් වසංගතය පාලනයට තිරසාර විසඳුමක් නොවන බව ඔස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන් පවසයි.
රටින් වසංගත තුරන් කිරීමේ නව සැලසුම වන්නේ “වෛරසය සමග ජීවත්වීමේ මාවතක්” සැකසීම බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
ප්‍රාන්ත හා නගර රැසක් ලොක්ඩවුන් කර ඇති පසුබිමක ඔස්ට්‍රේලියාවේ දෛනික ආසාදිතයන් වාර්තාව යළි අලුත් වී තිබේ.
ඊයේ දිනය තුළ එරටින් නව ආසාදිතයන් 915 දෙනෙක් හඳුනාගත් අතර 900 ඉක්මවා දෛනික ආසාදිතයන් වාර්තා වූ පළමු අවස්ථාව ද එය වෙයි.
ලොක්ඩවුන් සීමා නිසා ජනතාවට සහ ව්‍යාපාරවලට සිදුවී ඇති බලපෑම තමා හඳුනාගෙන ඇති නමුත් අවාසනාවකට මේ මොහොතේ රට ලොක්ඩවුන් කිරීම අවශ්‍ය බවද අගමැතිවරයා සඳහන් කර ඇත.
ලොක්ඩවුන් සීමා ඉවත් කිරීමත් සමග වෛරස ආසාදන තවදුරටත් ඉහළයා හැකි බැවින් ඒ සඳහා සූදානම් වී සිටින ලෙසද ඔස්ට්‍රේලියානු අගමැතිවරයා ජනතාවගෙන් ඉල්ලා තිබේ.
මේ අතර වසංගත ව්‍යාප්තියේ දරුණුතම අවදියට පැමිණ සිටින වියට්නාමයේ හෝ චින් මින් නගරයට අද සිට දැඩි ලොක්ඩවුන් සීමා ක්‍රියාත්මකය.
රට තුළ වෛරස ව්‍යාප්ති කේන්ද්‍රස්ථානය බවට පත්වී ඇති හෝ චින් මින් වැසියන්ට අද සිට නිවසින් පිටතට යෑම තහනම් වේ.
මේ අතර පුද්ගලයන් දහස් ගණනකගේ සහභාගිත්වයෙන්
කොවිඩ් -19 සෞඛ්‍ය අවසර පත්‍රයට එරෙහිව පැරීසියේදී විරෝධතාවක් පැවැත්වුණි.
අවන්හල් ඇතුලු වාණිජ ස්ථාන වෙත ඇතුලුවීමේදී, කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන ඇති බව තහවුරු කිරීම සඳහා මෙම සෞඛ්‍ය අවසරපත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්ය කරමින් ප්‍රංශ රජය නීතියක් ගෙන එනු ලැබීය.
එම නීතිය ඉවත් කරගන්නා ලෙස රජයට බලකරන විරෝධතාකරුවන්, අදාළ නීතිය මගින් රට වැසියන් දෙපිලකට බෙදා ඇති බව පවසයි.
ලොව පුරා කොවිඩ් වෛරස ආසාදිතයන් සංඛ්‍යාව අද 21 කෝටි 25 ලක්ෂය ඉක්මවා ගියේය.
වසංගතයෙන් ලොව පුරා සිදුවී ඇති මරණ සංඛ්‍යාව 44 ලක්ෂ 43 දහසකට අධිකය.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්