ආගමන හා විගමන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන මාර්ගගත විද්‍යුත් සංචාරක වීසා බලපත්‍ර ලබාදීමේ පද්ධති (ETA) හරහා මෙරට සංචාරය සඳහා පැමිණෙන විදේශිකයින්ට එකවර දින 180ක් දක්වා වලංගු වීසා බලපත්‍රයක් ලබාදීමට පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමක දී තීරණය කර තිබුණි.
ඒ අනුව පහත සඳහන් පරිදි වීසා ගාස්තු අය කරමින් එකී සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
ඒ අනුව,
සාර්ක් රටවල සංචාරකයින් – අමෙරිකානු ඩොලර් 70ක්.
සාර්ක් නොවන රටවල සංචාරකයින් – අමෙරිකානු ඩොලර් 85ක්.
සිංගප්පූරුව, මාලදිවයින, සීෂෙල්ස් යන රටවල සංචාරකයින් – අමෙරිකානු ඩොලර් 50ක්( එම රටවල් සමඟ දැනට පවතින ද්වීපාර්ශ්වික ගිවිසුම අනුව )

More Stories
චීන මාධ්‍ය සමූහයේ වැඩසටහන් පෙළක් වියට්නාමයේ විකාශනය ඇරඹේ
“ද්වි-රාජ්‍ය විසඳුම ” ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජුනි මාසයේ ජාත්‍යන්තර සමුළුව සඳහා චීනයේ සහයෝගය
ඇමරිකාව චීනයට 125%ක තීරුබදු පැනවීමට චීනයේ දැඩි විරෝධය