‘කොවිඩ් 19 ඩෙල්ටා’ විකෘතිය ව්‍යාප්තවීමත් සමඟ, නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරින් සහ වෙලිංටන් අගනුවරින් ආසාදිතයන් හමුවෙමින් පවතින බව සෞඛ්‍ය අංශ ප්‍රධානී ඈෂ්ලී බ්ලූම්ෆීල්ඩ් පවසයි.
‘ඩෙල්ටා කියන්නේ එසේ මෙසේ කොවිඩ් 19 වයිරසය විකෘතියක් නොවෙයි. ඒක වෙනම අලුත්ම විදියේ වයිරසයක් හා සමානයි.’ යැයි වෙලින්ටන් අගනුවර පැවැති මාධ්‍ය හමුවකදී ඈෂ්ලී බ්ලූම්ෆීල්ඩ් පෙන්වා දුන්නාය.
නවසීලන්තය යනු ‘කොවිඩ් 19’ වයිරසය ලොව පුරා පළමු වරට ව්‍යාප්ත වෙද්දී, එය ඉතාමත් සාර්ථක ලෙස පාලනය කර ගත් රාජ්‍යයකි. ඒ සම්බන්ධයෙන් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න්ට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසැසුම් පවා හිමි වී ඇත.
නවසීලන්තය මාස ගණනාවකට පසු යළිත් වරක් ලොක්ඩවුන් කෙරුණේ ‘ඩෙල්ටා’ ව්‍යාප්තියත් සමඟය. මේ වනවිට නවසීලන්තයෙන් හමුවී ඇති සමස්ත ආසාදිතයන් ගණන 148 කි. ඕක්ලන්ඩ් නුවරින් අලුතින් වාර්තා වූ ආසාදිතයන් 38 දෙනා ඩෙල්ටා විකෘතිය ආසාදනය වූවන් බව තහවුරු වී ඇත. ඊට අමතරව වෙලිංටන් අගනුවරින් ද ඩෙල්ටා ආසාදිතයන් සිවු දෙනකු වාර්තා වන බව සෞඛ්‍ය අංශ ප්‍රධානී ඈෂ්ලී බ්ලූම්ෆීල්ඩ් පෙන්වා දුන්නාය.
මීට පෙර ‘කොවිඩ් 19’ ව්‍යාප්ත වෙද්දී සාර්ථක වූ අයුරින්, මෙම ඩෙල්ටා විකෘතිය පාලනය කිරීමට ජනතා සහාය ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය හමුවේ පෙන්වා දී තිබේ. විනයගරුක ජනතාවක් තමන්ට සිටින බැවින් මෙම කොරෝනා රැල්ල ද පහසුවෙන් පාලනය කර ගැනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්