“මා හොඳින් මා ගැන සොයා බලා මට ඉක්මන් සුවය පැතුම් ඔබට බොහොම ස්තුතියි..”
කෝවිඩ් රෝගය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලබන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හිටපු මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සිය මුහුණු පොත ඔස්සේ තමන් සුවෙන් බවට ප්‍රකාශයක් සටහන් කර ඇත.
“මට දැන් හොඳයි. තව දවස් තුන හතරකින් යන්න පුළුවන් කිව්වා. මට අමාරුයි කියලා කියල වෙන කෙනෙකුගේ ෆොටෝ එකක් දාලා තිබ්බා. මට ඉක්මන් සුවය පතල දාලා තිබ්බා. ඒකට සතුටුයි…” යනුවෙන් ද ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තම මුහුණු පොතේ එසේ සටහන් කර තිබේ .
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව සඳහන් කරමින් ඡායාරූපයක් සහිතව සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ අසත්‍ය පුවත සහ එම ඡායාරූපය ව්‍යාජ එකක් බවට පොලිස් මාධ්‍ය කොට්ඨාශය ද ඊයේ (25) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්