කොවිඩ් වසංගත තත්වය පාලනය කිරීම සඳහා අවම වශයෙන් තවත් දින 14 ක් හෝ රට සම්පූර්ණයෙන් වසා දැමිය යුතු බව එජාප නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දෛනිකව වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය අවම කර ගැනීමට නම් සැළකිය යුතු කාලයක් ජනතාවගේ සංචරණය පාලනය කිරීමට සිදුවන බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ.
එන්නත්කරණය සාර්ථකව ඉදිරියට ගියද ඊට සාපේක්ෂව අලුතින් හඳුනා ගන්නා ආසාදිතයන් ප්‍රමාණය මෙන්ම මරණ ප්‍රමාණයද ඉහළ යන බවත්, අගෝස්තු මාසයේ පළමු දින 20 තුළ පුද්ගලයන් 3000 කට වැඩි ප්‍රමාණයක් මරණයට පත්ව ඇති බවත් එජාප නායකයා පවසනවා.
රට වසා දැමීම ආර්ථිකයට දැඩි බලපෑමක් වුවද ආර්ථිකයට වඩා ජනතාවගේ ජීවිත පිළිබඳව අවධානය යොමුකළ යුතු බවත් ඔහු පවසනවා. ආර්ථිකය ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම සම්බන්ධයෙන් රජය අවධානය යොමුවිය යුතු බවද වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ