මැණිකේ මගේ හිතේ, ගීතය මේ වෙනකොට කට අග රැදුණු ගීතයක් වෙලා අවසන්.
අපේ විතරක් නෙවෙයි, ඉන්දියාවේ බොලිවුඩයේ රජු ලෙසින් හදුන්වන අමිතාබ් භච්චන් පවා මේ වෙනකොට යොහානි ගායනා කරපු මේ ගීතයට වසඟ වෙලා අවසන්..
හුඟ දෙනෙක් යොහානිගේ කටහඩින් මේ ගීතය ඇහුවත් ගීතයේ මුල් ගායන අයිතිය තියෙන්නේ සතීශාන් රත්නායකටයි.
මේ ගීතයත් එක්කම යොහානි අති දැවැන්ත විදියට ලෝකෙ පුරාවටම ප්‍රසිද්ධ වෙලා.
යොහානිගේ සම්පූර්ණ නම යොහානි දිලෝකා ද සිල්වා.
යොහානි ඉපදුනේ 1993 වසරේ ජුලි මාසේ 30 වැනිදා.
ඔව් ඔව්, ඇයට තියෙන හැකියාවත් එක්ක බලද්දී වැඩි වයසක් නැහැ නේද ?
ශ්‍රී ලංකාවේ 30 වසරක් පුරා පැවති යුද්ධයේ වීර යුධ හමුදා නිළධාරියකු වූ මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා සහ දිනිති ද සිල්වා මහත්මිය තමයි යොහානිගේ ආඩම්බරණීය දෙමාපිය යුවළ වෙන්නේ.
යොහානි මූලික පාසල් අධ්‍යාපනය ලැබුවේ කොළඹ විශාකා විද්‍යාලයේ.
යොහානි ඕස්ට්‍රේලියාවේ ගතකරපු කාලයේදී ඇය කරපු ඉතාම සරල cover video කිහිපයකින් තමයි යොහානි ගැන මුලින්ම කට්ටිය කතාබහ පටන්ගන්නේ.
යොහානිගේ පළමු ගීතය විදියට නිර්මාණය වුණේ 2020 වසරේදී මුදා හැරපු ආයේ නම් ගීතයයි.
සාමාන්‍ය සාම්ප්‍රදායික කාන්තාවකගේ විලාසිතාවන් වලට එහා ගිය කොණ්ඩේ කොටට කපපු අමුතුම විලාසිතාවක් තියෙන යොහානිට මුල් කාලයේදී නම් සමාජයෙන් එල්ල වුණේ තරමක ගල් මුල් කියන්නත් පුලුවන්.
නමුත් ඒ සියළු ප්‍රතිචාර යොහානි ඉතාමත් සතුටින් භාරගන්නවා කියලා තමයි වරක් කියා සිටියේ.
ඒත් සමගම යොහානිගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වුණේ මෑතකදී යොහානි විසින් ගායනා කරපු මැණිකේ මගේ හිතේ cover song එක.
මේ ගීතය නොඅනුමානයෙන් ඔබත් අනිවාරයෙන් නරඹා ඇති.
මේ ගීතය නොහිතපු විදියට ජනප්‍රිය වෙන්න ගත්තේ ඉන්දියාවේ සුප්‍රකට රංගන ශිල්පියකු වන අමිතාබ් භච්චන් මේ ගීතය තමන්ට අහන්නේ නැතුව ඉන්නම බෑ කියා ට්වීටර් පණිවුඩයක් දැමීමත් සමගින්.
ඉන් පස්සේ ඉන්දියාව පුරාවටමත් මේ ගීතය ඉතාම ඉක්මනින් ප්‍රසිද්ධියට පත් වුණා.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්
උසස් පෙළ අයදුම්පත් යොමු කිරීමේ කාලය දීර්ඝ කෙරේ