රුධිරයේ ඔක්සිජන් මට්ටම පරීක්ෂා කරන ඔක්සි මීටර් සඳහා පාළන මිලක් පැනවීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
සිරුරේ ඔක්සිජන් මට්ටම පරීක්ෂා කරන ඔක්සි මීටර් සඳහා මේ වන විට වෙළඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් පවතින අතර ඒ සදහා විවිධ මිළ ගණන් තීරණය කර ඇති බවටයි වාර්තා වන්නේ.
ඒ අනුව රුපියල් දෙදහසේ සිට රුපියල් පන්දහස දක්වා විවිධ මිල ගණන් යටතේ මෙම ඔක්සි මීටර් වෙළදපොළ තුල අලෙවි වනවා.
පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් මේ වන විටත් පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ