යොවුන් ගායන ශිල්පිනි යොහානි විසින් ගායනා කළ “මැනිකේ මගේ හිතේ” ගීතය ලොවපුරා විශාල රසිකයන් පිරිසක් ආකර්ෂණය කර ගැනීමට සමත්ව තිබෙනවා.
ඉන්දියානු සිනමාවේ ප්‍රකට චරිතයක් වන අමිතාබ් බච්චන් පවා මේ ගීතයට වශී වෙලා ඉන්නේ.
එලෙස ජනප්‍රියත්වයට පත් මේ ගීතය නිර්මාණය වු ආකාරය ගැන යොහානි කියන්නේ මේ වගේ කතාවක් “ අහපු සැනින්ම මම කැමති වුණු ගීතයක් තමයි මේ. චමත් සංගීත් ගේ තනු කොහොමත් හිතට දැනෙන ඒවා. මම සංගීත ගමන පටන් ගත් මුල් කාලේ ඉඳන් ඔහු මට උදව් කරලා තියෙනවා.
මේ අපූරු නිර්මාණය මේ වෙනකොට මිලියන තිහක පමණ ප්‍රේක්ෂකයන් පිරිසක් නරඹලා තියෙනවා.මේ සතුටුදායක ආරංචිය අහපු වෙලාවේ ඇය තමන්ට හිතුන දේ පිළිබඳ කියන්නේ මෙවැනි කතාවක්.
“ පෙටා ඉෆෙට් කණ්ඩායමෙන් තමයි මට කතා කරලා කිව්වේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. ඉතින් මම මේ පණිවිඩය දැක්කේ ටිකක් පරක්කු වෙලයි. එතකොට ගොඩ දෙනෙක් කතා කරළා සුබ පතල එහෙම තිබුණා. ඒ මොහොතේ හිතුණු දේවල් විස්තර කරන්න නම් ඉතින් මට තේරෙන්නේ නැහැ.”
ඒ වගේම ඇය කියන්නේ ඇගේ පියා ඔහුගේ දුරකථනයේ රිංගින් ටෝන් එක විදිහට දාලා තියෙන්නෙත් ඇගේ ගීතයක් කියලයි.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්
උසස් පෙළ අයදුම්පත් යොමු කිරීමේ කාලය දීර්ඝ කෙරේ