උණ රෝගයෙන් පෙලුණු තරුණයෙකු හදිසියේ මරණයට පත්වීමත් සමග මාරවිල සහ මුන්දලම යන ප්‍රදේශවල ජනතාව භීතියට පත්ව සිටිනවා.
මෙම තරුණයා ප්‍රතිකාර ලබාගැනිම සඳහා මුන්ලදම දිසා රෝහලට පැමිණීමෙන් අනතුරුවයි මරණයට පත්ව තිබෙන්නේ.
ඔහු කොරෝනා ආසාදිතයෙකු යන්න තහවුරු වී නැතැත් ඒ පිළිබඳ පවතින සැකය මත පදනම්ව මුන්දලම දිසා රෝහල තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සඳහන් කළේ මරණයට පත් වූ තරුණයාගේ රුධිර සාම්පල පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි.
එම වාර්තා ලැබෙන තුරු මුන්දලම දිසා රෝහල තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවද එම කාර්යාලය සඳහන් කළා.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ