ගැබිනි මව්වරුන්ගෙන් කළ ඉල්ලීම

මෙතෙක් කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබානොගත් ගැබිනි මව්වරුන්ට එන්නත ලබාගන්නා ලෙසට පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය ඉල්ලා සිටියි.

පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවේ කොවිඩ් එන්නත් ලබානොගත් ගැබිනි මව්වරුන්ට තම ප්‍රදේශයේ රෝහලට හෝ සායනයට ගොස් එන්නත ලබාගැනීමේ හැකියාව පවතින බවයි.

ගැබිනි කාන්තාවන්ගෙන් 75%ක පමණ පිරිසක් මේ වනවිට කොවිඩ් මර්දන එන්නත ලබාගෙන ඇති බව විශේෂඥ වෛද්‍යවරිය පැවසීය.

මේ වන විට කොවිඩ් -19 වෛරසයට ගොදුරුවීමෙන් ගැබිනි කාන්තාවන් 32ක් මියගොස් ඇති බව ද ඇය සඳහන් කළාය.

මෙරටේ ගැබිනියන් 4200කට මේ දක්වා කොවිඩ් ආසාදනය වී ඇති අතර, ගැබිනි මව්වරු 32දෙනෙකු කොවිඩ් ආසාදිතව මියගොස් තිබේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com