18ට අඩු දරුවන්ට ඔන්ලයින් ක්‍රීඩා පැයකට සීමා කළ රට

වයස අවුරුදු 18ට අඩු චීනයේ දරුවන්ට ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩාවල නිරත විය හැකි කාලය පැයකට සීමාකර තිබේ.

චීනයේ වීඩියෝ ක්‍රීඩා පරිපාලකයින් විසින් එම පියවර ගෙන ඇත.

ඒ අනුව, දරුවන්ට ඔන්ලයින් ක්‍රීඩාවල නිරත විය හැකි වන්නේ සිකුරාදා, සති අන්තයේදී සහ නිවාඩු දිනවල පමණයි.

එයද දිනකට පැයක් දක්වා සීමා කර තිබේ.

එනම් පස්වරු 8 සිට 9 දක්වාය.

තවද ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩා නිපදවන සමාගම් සම්බන්ධයෙන් අධීක්ෂණයකිරීම් ඉහළ දැමීමටත් චීන බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වේ.

පනවා ඇති නව සීමාවලින් බැහැරව දරුවන් ඔන්ලයින් ක්‍රීඩාවල නිරතවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවරගන්නා ලෙස බලධාරීන් පරිගණක ක්‍රීඩා නිපදවන සමාගම්වලින් ඉල්ලා තිබේ.

චීන රාජ්‍ය මාධ්‍ය ආයතනය ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩා හඳුන්වාදී තිබෙන්නේ  “ආධ්‍යාත්මික අබිං” ලෙසිනි.

පෙර පැවති නීතිරීතිවලට අනුව දිනකට පැය 90ක් ඔන්ලයින් ක්‍රීඩාවල නිරතවීම සඳහා ළමුන්ට අවසර හිමිවී තිබුණි.

නිවාඩු දිනවලදීනම් පැය තුනක කාලයක් එවැනි ක්‍රීඩාවල නිරතවිය හැකිවූ බව චීන මාධ්‍ය වාර්තා කළේය.

දිගු කාලයක් අධික ලෙස ඔන්ලයින් ක්‍රීඩාවල නිරතවීමෙන් යොවුන් අයට සිදුවන බලපෑම සැලකිල්ලට ගෙන මේ සීමාවන් වෙනස් කිරීමට තීරණය කර තිබේ.

චීනයේ යොවුන් දරුවන් දැඩි ලෙස ඔන්ලයින් ක්‍රීඩා සඳහා ඇබ්බැහි වී සිටින බවත් එය ඔවුන්ට අහිතකර බලපෑම් ගෙනදෙන බවත් අනාවරණ වී තිබුණි.

රාත්‍රී 10 සිට උදෑසන 8 දක්වා කාලය තුළ ළමයින් ඔන්ලයින් ක්‍රිඩාවල නිරතවීම වැළැක්වීම සඳහා මුහුණ හඳුනාගැනීමේ ක්‍රමය හඳුන්වාදීමට චීන වීඩියෝ ක්‍රීඩා දැවැන්තයෙක් වන ටෙන්සෙන්ට් සමාගම ඉකුත් ජූලි මාසයේදී පියවර ගෙන තිබුණි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com