අද (01) දිනය නිමාවන විට කොළඹ කොටස් වෙළෙඳපොලෙහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,000 සීමාව ඉක්මවා ගොස් තිබෙන බව කොළඹ කොටස් වෙළඳපොළ නිවේදනය කරනවා.
ඒ අනුව දිනය නිමා වනවිට සියලු කොටස් මිල දර්ශකය දැක්වුණේ ඒකක 9,163.13ක් ලෙසයි. ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,000 සීමාව ඉක්මවා දෛනික ගනුදෙනු අවසන් කළ පළමු අවස්ථාව මෙය ලෙසයි වාර්තා වන්නේ.
දෛනික පිරිවැටුම රුපියල් බිලියන 14.6ක් ලෙස සටහන් වී තිබෙනවා.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ