මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2454 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ ඊයේ (10) දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් 300 දෙනාත් සමගයි.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රෝගීන් 283 ක්, ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් 09 ක්, එක්සත් අරාබි ඒමර් රාජ්‍යයේ සිට පැමිණි 03ක්, පාකිස්ථානයේ සිට පැමිණි අයෙක්, කන්දකාඩු මධ්‍යස්ථානයෙන් හඳුනාගත් ආසාදිතයෙකු ළඟින් ඇසුරු කළ පුද්ගලයින් තිදෙනෙක් සහ වැලිකඩ බන්ධනාගාරයේ රැදවියෙක් ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මේ දක්වා කාලය තුළ දිනක් තුළ හඳුනාගත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් 300 දෙනෙක් ඊයේ හඳුනා ගැනිම විශේෂත්වයක්.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ