ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැමැති රූස්ස ගස කඳින් කපා වෙන් කළ ද නැවත ශක්තිමත් ව ලියලනු ඇතැයි තම විශ්වාසය බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසනවා.
ඒ අදට යෙදී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70වන සංවත්සරය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
එලෙස ශක්තිමත් වන පක්ෂයට ඉදිරිය වෙනුවෙන් අවශ්‍ය තරුණ පරපුරක් නිර්මාණය කිරීමට තමා කැප වෙන බවයි චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය සඳහන් කළේ.
ශ්‍රේෂ්ඨ මිනිසුන් කීප දෙනෙක්ගේ ලෙයින් සනිටුහන් කළ ඉතිහාසයක් ඇති පක්ෂය විනාශ කර දැමීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බවද හිටපු ජනාධිපතිනිය සිදුකල ප්‍රකාශයේ තවදුරටත් දැක්වෙනවා.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
ආරක්ෂක අංශ අවහිර නොතකා රාජිත ඇමෙරිකානු තානාපති කාර්යාලයට