කොරෝනා ගැන කටකතා පැතුරුවොත් වැඩ වරදී

කොරෝනා ආසාදිතයින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමු වී ඇති බව සඳහන් කරමින් විවිධ කටකතා සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

කොරෝනා ආසාදිතයින් පිළිබඳව විවිධ කටකතා සහ සමාජ ජාල ඔස්සේ අසත්‍ය ප්‍රචාර සංවිධාත්මකව පතුරුවන බවට තොරතුරු වාර්තා වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළා.

එවැනි තොරතුරුවලට නොරැවටෙන ලෙස පොලීසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කොරෝනා ආසාදිතයින් පිළිබ ව කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය හෝ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන නිල නිවේදන පමණක් විශ්වාස කරන ලෙස ද එම නිවේදනයේ සඳහන්.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com