තමා නැවතත් පක්ෂ නායක තනතුර සඳහා තරඟ නොකරන බව ජපාන අගමැති යෝශිහිඩේ සුගා පවසයි.
පක්ෂ නායක තනතුර සඳහා නැවත පත්වීමට නම් මෙම මස පැවැත්වීමට නියමිත පක්ෂ සාමාජිකයින් අතර පැවැත්වෙන ඡන්දයෙන් ජයගත යුතුය.
ඒ අනුව ඔහු ජපාන අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉවත්වෙයි.
මීට වසරකට පමණ පෙර සුගා ජපාන අගමැතිධූරයට පත්වූයේ එවකට අගමැතිවරයා ලෙස කටයුතු කළ ෂින්ෂෝ අබේ එම තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමගය.
ජපාන අගමැති සුගා ගේ ජනප්‍රියත්වය ඉතා පහළ ට යෑම හේතුවෙන් ඔහු එම තීරණය ගත් බව මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.
කොවිඩ් හේතුවෙන් මේ වනවිට එරට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර එරටින් මේ දක්වා ආසාදිතයින් මිලියන 1.5ක් හඳුනාගෙන ඇති අතර එරට එන්නත්කරණ ක්‍රියාවලිය සිදුවන්නේ ද ඉතා මන්දගාමී ආකාරයටය.
කොරෝනා නොතකා ඔලිම්පික් උළෙල එරට පැවැත්වීමට රජය ගත් තීරණයද අගමැති සුගා ගේ ජනප්රසාදය අඩුවීමට හේතුවී ඇති බව එරට මාධ්‍ය පැවසීය.
More Stories
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්
එක්සත් ජාතීන් සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
චීනයේ විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක්