අවුරුදු 12ත් 15ත් අතර වයස්වල පසුවන සෞඛ්‍ය සම්පන්න දරුවන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීමට නිර්දේශ නොකරන බව එක්සත් රාජධානියේ එන්නත්කරණ උපදේශකයන් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සෞඛ්‍ය සම්පන්න දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමෙන් ලබාගත හැකි ප්රතිලාභ අවම බව එන්නත්කරණ උපදේශකයන් පෙන්වා දෙයි.
මේ අතර ඔස්ට්‍රේලියාවේ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ වාර්තාව යළි අලුත් කරමින් ඊයේ එරටින් නව ආසාදිතයන් 1,758 දෙනෙක් හඳුනාගැනුණි.
එරට ස්වදේශික ජනතාව අතරත් මේ වනවිට වෛරසය පැතිරෙමින් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
නව ආසාදිතයන්ගෙන් 1,533 දෙනෙකුම නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තාවී ඇත.
ඉදිරියේදී රටේ වසංගත තත්ත්වය මීටත් වඩා දරුණු තත්ත්වයකට පත්වීමේ අවදානමක් පවතින බැවින් නොපමාව කොවිඩ් මර්දන එන්නත ලබාගන්නා ලෙස ඔස්ට්‍රේලියානු බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා තිබේ.
පෙර දින කිහිපයට සාපේක්ෂව ඊයේ අමෙරිකාවෙන් හඳුනාගත් දෛනික ආසාදිතයන්ගේ කැපීපෙනෙන අඩුවීමක් වාර්තා වී තිබේ.
ගෙවුණු දින කිහිපයේදී දෙලක්ෂයකට ආසන්න ආසාදිතයන් පිරිසක් එරටින් දෛනිකව හඳුනා ගත්තද ගෙවුණු පැය 24දී හඳුනාගෙන තිබුණේ නව ආසාදිතයන් 58,000කි.
වයස අවුරුදු 40ත් – 50ත් අතර පසුවන නිරෝගී පුද්ගලයන් පවා එන්නත ලබා නොගැනීම හේතුවෙන් දරුණු ලෙස කොවිඩ් රෝගයට ගොදුරු වී සිටින බව රෝහල් සේවකයන් පවසයි.
2020 වසරේ ජනවාරි 9 වැනි දා කැන්සාස් ප්‍රාන්තයේ සිදුවූ කාන්තා මරණයක් අමෙරිකාවේ පළමුවන කොවිඩ් මරණය ලෙසට හඳුනාගෙන තිබේ.
මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ ආඝාතය සහ නිදන්ගත පෙනහළු රෝගයක් හේතුවෙන් මේ මරණය සිදුවී ඇති බවය.
එහෙත් කොවිඩ් නිව්මෝනියාව හේතුවෙන් ඉහත කාන්තාවගේ මරණය සිදුවී ඇති බවට මේ වසරේ මැයි මාසයේදී මරණ පරීක්ෂණ වාර්තාව සංශෝධනය කර තිබුණි.
මේ අතර ගෝලීය කොවිඩ් වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 22 කෝටි 10 ලක්ෂය ඉක්මවා තිබේ.
ලොව පුරා රටවලින් වසංගතයට බිලිවූ පුද්ගලයන් සංඛ්‍යාව 45 ලක්ෂ 74 දහසකට අධිකය.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්