පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ රළපනාව ආශ්‍රිතව ඉදිකිරීමට සැලසුම් කළ ඇවිදින මංතීරුව ඉදිකිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
සියලු පාර්ශව සමග එකගතාවකට පැමිණෙන තෙක් එහි ඉදිකිරීම් තාවකාලිකව අත්හිටවූ බවයි පොළොන්නරුව වාරිමාර්ග අධ්‍යක්ෂ එල්. එම්. ඩබ්ලිව්. රත්නසිරි මහතා සඳහන් කළේ.
ඒ අනුව පරාක්‍රම සමුද්‍රයේ රළපනාව ආශ්‍රිතව ඇවිදින මංතීරුව ඉදිකිරීම සඳහා ඉවත් කෙරුණු ගල් යළි සකස් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඓතිහාසික පරාක්‍රම සමුද්‍රයේ රළපනාව ආශ්‍රිතව ඉදිකෙරෙන මෙම ඇවිදින මංතීරුවට එරෙහිව ඉකුත් දා මහා සංඝරත්නය ඇතුළු ප්‍රදේශයේ ගොවීන් දැඩි විරෝධයක් එල්ල කළා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ