පරාක්‍රම සමුද්‍රයේ වැව්බැම්ම මත ඇවිදින මංතීරුවක් ඉදිකිරිමේ ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දැමුවද, ව්‍යාපෘතිය හේතුවෙන් හානි වු රළපණාව යළි ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් ඉදිරි වර්ෂා කාලයේදී වැව්බැම්මට හානි සිදුවීමේ දැඩි අවදානමක් මතුවී ඇති බව ප්‍රදේශයේ ගොවින් පෙන්වා දෙයි.
පරාක්‍රම සමුද්‍රයේ වැව්බැම්ම මතින් ඇවිදින මංතීරුවක් ඉදිකිරීම ආරම්භ කිරීම හේතුවෙන් වැව්බැම්මේ ආරක්ෂාවට යොදා ඇති රළපණාවේ ගල්, වැව තුළට ඩෝසර් කිරීමක් සිදුවන බවත් ඒ හරහා වැව විනාශ මුඛයට යෑමේ දැඩි අවදානමක් මතුවී ඇති බවත් පවසමින් භික්ෂුන් වහන්සේ, ප්‍රදේශවාසින් ඇතුළු පිරිසක් ඉකුත් මස 27 වනදා විරෝධතාවයක නිරත වුණි.
විරෝධතාවයත් සමඟ ඇවිදින මංතීරුවේ ඉදිකිරීමේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව තීරණය කළේය.
ඒ අනුව මේවන විට ඉදිකිරීම් අතහැර දැමීම හේතුවෙන් රළපෙණාවේ ගලවා දැමු ගල් එලෙසම පවතින අතර යළි රළපණාව ප්‍රතිසංස්කරණය කිරීමක් සිදුවී නොමැත.
ගොවින් චෝදනා කරන්නේ රළපණාවේ ගල් ඉවත් කිරීමෙන් මේ වනවිට වැව්බැම්මේ පස් සේදියමින් පවතින අතර ඉදිරියේදී වර්ෂා සමය ආරම්භවීමත් සමඟ වැව් බැම්මද විනාශ වී යාහැකි බවය.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අත්‍යවශ්‍ය නොවන ව්‍යාපෘති කෙරෙහි රජයේ අවධානය යොමුවුවද, අත්‍යවශ්‍ය පුරාවස්තු සංරක්ෂණය කිරීමට බලධාරීන්ගේ ඇති අවධානය අවම බවය.
ගොවින් පවසන්නේ ක්‍රි.ව 1587 – 1596 කාලය තුළ නිශ්ශංකමල්ල රජතුමා විසින් ඉදිකළේ යැයි සැලකෙන ගිම්හාන කුටිය කඩිනමින් සංරක්ෂණය නොකළහොත් එය පරාක්‍රම සමුද්‍රයේ දියරැලි පහරට හසුවී පරාක්‍රම සමුද්‍රය තුළටම කඩා වැටීමේ අවදානමක් මතුවී ඇති බවය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ