පාර්ලිමේන්තුවට දෙවන වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පතට බලශක්ති අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ එකඟත්වය හිමිව තිබෙනවා.
ඛනිජ තෙල් සම්පත් ගවේෂණ කටයුතු නියාමනය සහ කළමනාකරණය කිරීම වෙනුවෙන් අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට නියමිතයි. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මෙම උපදේශක කාරක සභාවේදී සඳහන් කළේ, අමෙරිකානු ඩොලර් බිලියන 267 ක් වටිනා තෙල් සහ ගෑස් මන්නාරම් ද්‍රෝණියේ සැඟ වී තිබෙන බවයි.
මන්නාරම් ද්‍රෝණියේ ඇති ගෑස්වලින් පමණක් නොරොච්චෝලේ බලාගාරය වසර 120 ක් ක්‍රියාත්මක කළ හැකි බවත්, එහි ඇති තෙල්වලින් සපුගස්කන්ද පිරිපහදුව වසර 143 ක් ක්‍රියාත්මක කළ හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළා.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ