වයස අවුරුදු 12ත් 18ත් අතර ළමුන් සඳහා කඩිනමින් එන්නත්කරණය ආරම්භ කිරීමට අවධානය යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
කොවිඩ් ව්‍යසනය හේතුවෙන් වසර එකහමාරක පමණ කාලයක සිට විටින් විට පාසල් වසා දැමීමට සිදුව ඇති අතර හැකි එක්මනින් පාසල් ආරම්භ කිරීමට ළමුන් සඳහා වන එන්නත්කරණය ආරම්භ කළ යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ළමුන් සඳහා එන්නත ලබාදීම ආරම්භ කිරීමත් සමග 7 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා දරුවන්ට එන්නත්කරණය සිදු කළ හැකි බවත් මේ වනවිට ගුරුවරුන් ඇතුලු පාසල් අනධ්‍යන කාර්ය මණ්ඩල පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති බැවින් පාසල් ළමුන්ගේ එන්නත්කරණය අවසන් කිරීමත් සමග පාසල් යළි විවෘත කිරීමට හැකිවනු ඇති බවයි විශ්වාසය පළ කරන්නේ.
අදාළ නිවේදනය පහතින්,
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ