චානක සිල්වා අවසන් ගමන් යයි

චානක සිල්වා මහතා.. වසර 18කට අධික කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ඒකකයේ සමාරම්භක මාධ්‍ය සහායකවරයායි.

මාධ්‍යවේදීන් සමග ඉතා සුහද ලෙස කටයුතු කළ ඔහු දෙස් විදෙස් මාධ්‍යවේදීන් මෙන්ම ක්‍රීඩකයින්ගේ ද පැසසුමට ලක්ව සිටි අයෙක්.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙරට තුළ සංවිධානය කළ තරගාවලි රැසකදී චානක සිල්වා මහතා මාධ්‍ය සහායකයෙකු ලෙස මැනවින් රාජකාරිය ඉටු කිරීම සම්බන්ධයෙන් ප්‍රශංසාවට ලක්වුණා.

2019 වසරේදී පකිස්ථාන සංචාරය සඳහා ඇතැම් ක්‍රීඩකයින් ප්‍රතික්ෂේප කළ පසුබිමක ඔහු එම සංචාරයට ද එක් වූයේ රාජකාරිය දේවකාරිය ලෙස සලකමින්.

මීට වසර දෙකකට පෙර මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේ සම්බන්ධීකාරකවරයෙකු ලෙස ස්ථාන මාරුවක් ලබා දෙන තෙක්ම ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ඒකකයේ රාජකාරි කටයුතු කළා.

කළුතර, නාගොඩ ධර්මපාල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන 40 හැවිරිදි චානක සිල්වා මහතා කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචිව සිටියා.

ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙක්..

ක්‍රිකට් ක්‍රීඩාවට නිහඬ සේවයක් කළ, චානක සිල්වා සහෘදයා ට නිවන් සුව !

WP Twitter Auto Publish Powered By : XYZScripts.com