ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබාදී තිබූ ජංගම දුරකථන සමාගම් මගින් රක්ෂණ විකිනීමේ ක්‍රියාවලිය නතර කිරීමට චක්‍රලේකයක් නිකුත් කර ඇති බව ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමයේ කැඳවුම්කරු සංජය මහවත්ත පවසයි.
ඔහු සදහන් කළේ සැප්තැම්බර් මස 6 වැනිදා එම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි.
පසුගියදා තම සංගමය මගින් පවත්වන ලද මාධ්‍ය හමුවේ සිදු කරන ලද අනාවරණයකින් පසු මෙය ක්‍රියාත්මක කර ඇතැයි හෙතෙම අරුණ වෙත පැවසීය.
මේ බව වැඩිදුරටත් සඳහන් කළ හෙතෙම මෙසේ ද කීය.
“අධ්‍යක්ෂ ජනරාල්වරිය නීතිවිරෝධි ලෙස රක්ෂණ සමාගම්වලට ජංගම දුරකථන ජාල හරහා රක්ෂණ ඔප්පු විකිණීමට වක්‍ර ආකාරයෙන් අනුමැතිය දී තිබුණු බවත් එලෙස ජංගම දුරකථන ජාල හරහා රක්ෂණ ඔප්පු විකිණීමට කිසිම ආකාරයක නීතියක් හෝ රෙගුලාසියක් ඇය විසින් නිකුත් කර නැති බවද සඳහන් කර සිටියේය.
මෙම නීතිවිරෝධි ක්‍රියාව නිසා නොයෙක් ආකාරයේ අකටයුතුකම්වලට මුහුණ දුන් රක්ෂණ ඔප්පු හිමියන් කොමිෂන් සභාවට පැමිණිලි රාශියක් ඉදිරිපත් කර තිබූ බවත් ඉදිරියේදීද ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය ඵලදායි මෙන්ම මහජනතාවට හිතකර ආයතනයක් බවට පත්කිරීම සඳහා මහජනතාව වෙනුවෙන් පෙනීසිටින බවද ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමයේ කැදවුම්කරු පැවසීය.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ