රුපියල් ලක්ෂ 10 කට ආසන්න වටිනාකමින් යුත් මත්පෙති 9000 ක් සමග පුද්ගලයින් දෙදෙනෙක් තලපත්පිටිය සහ උඩහමුල්ල ප්‍රදේශවලදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගැනීමට සමත් විය.
වෛද්‍ය නිර්දේශ මත පමණක් මානසික ආබාධිත රෝගීන් සඳහා ලබාදෙන මෙම පෙති තොගය මහරගම, කොට්ටාව සහ හෝමාගම ප්‍රදේශවලට අලෙවි කිරීම සඳහා මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ බවත් අත්අඩංගුවට ගත් වයස අවුරුදු 30 සහ 36 යන වයසේ පසුවන පුද්ගලයින්, පෙති තොගය, මෝටර් රථය සහ ජංගම දුරකථන වැඩිදුර විමර්ශන සඳහා මිරිහාන පොලිස් ස්ථානයට භාරදුන් බවත් පොලිස් විශේෂ කාර්ය බලකායේ පවසයි.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වර්ණ ජයසුන්දර මහතා යටතේ ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුම් කණ්ඩායම මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළේය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ